Thursday, April 14, 2011

ෂහ් අයිය ඒකත් දන්නවනෙ.............

මම චෙස් ඉගෙන ගන්න පටන් ගත්තෙ 6 වසරෙදි. ඒ උනාට දැන් තියෙන අලුත්  ම ‍ට්‍රෙන්ඩ් එක තමයි 2 ව‍සරෙදි චෙස් උගන්නන්න පටන් ගන්න එක. 2 වස‍රෙ  ඉන්න bright ම පොඩි එකෙක් ටත් චෙස් හරියටම ඉගෙන ගෙන චෙස් ගේම් එකක් අදින්න මාස 3 ක් වත් යනව. අනිත් අයට ඉතින් ‍තව ටිකක් කල් යනව. ඒ උනා‍ට ඉතින් දෙමව්පියන්ගෙ ආසාවනේ. (ලමයින‍්ගෙ කෙසේ වෙතත් )
ඔන්න මම ‍උසස් පෙල කරල ඉවර වෙනකොට මට ලග ඉස්කෝලෙකින් ආරාධනාවක් ආව 2 වසරෙ පන්තියකට චෙස් උගන්නන්න කියල. ඒ වෙනකොට කොහොමත් මම අපේ ඉස්කෝලෙ චෙස් උගන්නනව. මට අලුත් class එක සෙට් කලේ සංජය අයිය. ඒක ඒ වෙනකොටත් සංජය අයිය බාගයක් උගන්න උගන්න ඉදල තියෙන්නෙ. 
අපෝයි 2 වසරෙ පන්තියකට උගන්නනව තරම් එපා කරපු දෙයක් මගේ අම්මෝ. මට ‍ඒ එක දවසට මොන්ටි සෝරි මිස් ලයි primary එකේ මිස් ලයි ගැන මාර අනුකම්පාවක් ඇති උනේ. මොකක් හරි කතන්දරයක් කියන වනම් එලි වෙන කන් උනත් අහගෙන ඉදියි. ඒ උනාට වැඩක් ඇති දෙයක් ජීවිතේට  ඇහෙන්නෙ නෑ .(මට නම් එහෙම කාලයක් තිබුනෙ නැද්ද කොහෙද  :P ) අපි නම් එක පැයයි ඒ පන්තිය කරන්නෙ. අයියෝ අර මිස් ලා. 
ඔන්න මම දැන් class එකට ගිහින් උගන්නන්න පටන් ගත්තා. ඉස්සර වෙලා ම සෙට් එක මම දිහා කන්න වගේ බලන් ඉන්නව. මම තාම අලුත් නේ. දැන් ඉතින් ඉස්සර  වෙලාම සෙට් එක අල්ල ගන්නත් එපැයි. මොනා ද ඉතින් මම ගින්දර වගේ කතන්දරේ කුත් කියල පොඩි බේගල් ටිකකුත් ඇද බෑව. ඹන්න දැන් ඉන්නව  සෙට් එක හිනා වෙවී. 
ඔන්න මම ඉතින් පාඩම පටන් ගත්තා......
"හොදයි මල්ලිලා අපි දැන් බලමු ඔයාල මොනාද මෙච්චර කල් ඉගෙන ගෙන තියෙන‍්නෙ කියල. ඉස්‍ස‍ර වෙලාම චෙස් බෝඩ් එ‍කේ ඉත්තො හදා ගන්න කලින් අපි බෝඩ් එක තියා ගන්න ඕන අපේ යටම දකුණු අත පැත්තෙ කොටුව මොන පාට කොටුවක් වෙන විදියටද ?????????"
නෑ කෝ ඉතින් දැන් අර හිනා වෙවි හිටපු සෙට් එක දැන් සයිලන්ස්  වෙලා තක්බීර් වෙලා බලන් ඉන්නවා. මටත් දැන් මල ඉතින් යකෝ සංජය අයිය ඕක වත් කියල දීල නැද්ද. 
"කියන්න මල්ලිලා  බය වෙන්න එපා ......."(මල්ලිලා කීවට ඔය ඉස්කෝලෙ නංගිලත් ඉන්නව. මම ඉතින් boys එකකට ගිය නිසා නංගිල කියල කියවෙන්නෙ නෑ )
"හරි හරි මම ම කියන්නම්කො එහෙනම් දකුණු අත පැත්තට එන්න ඕන සුදු කොටුවක් හොද ද "
ඔන්න දැන් සෙට් එකට ලාවට හිනාවක් ගියා. ‍හෙන ක‍ටකාර කොල්ලෙක් ලග හිටපු කෙල්ලෙක්ට කියනව
"ෂහ්............. අයිය ඒකත් දන්නව....................."

1 comment:

  1. දැන් කාලෙ පොඩි උන් හෙනට පැහිල නේද බං...

    ReplyDelete

ඔයාලගෙ අදහසුත් එකතු කරලම යන්න...............