Sunday, June 26, 2011

සිංහයාගේ දඩයම


සෑහෙන කාලෙකින් මේ පැත‍්තෙ එන්නත් බැරි උනා පොඩි පොඩි වැඩ වගයකට හිර උනානෙ.අයියෝ දැන් නම් මකුලු දැලුත් බැදිල වගේ.හරි කමක් නෑ ඉතින් මම ආපු වැඩේ ට බැහැල ම ඉමුකෝ.
කතාවක් තියෙනව කැලේ රජා වන සිංහ රජා ජීවිතේට දඩයම් කරන‍්නෙ නෑ කියල.මොකක්ද මේ කතාවේ ඇත්ත තත්වෙ.ඇත්ත තමයි සිංහ ධේනුව තමයි වැඩියෙන්ම දඩයම් කරන්නෙ.සිංහය කි‍ය‍න්නෙ දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන පාඩුවෙ ඉන්න සතෙක් තමයි.නිකමට ගෙදර ඉන්න පූසා ගැන හිතල බලන්න.වැඩියෙන් මීයො අල්ලන්නෙ පූසි නෙ නේද? හොස්ස ලගින් මීයෝ යනකනුත් බලාගෙන ඉන්න පූසොත් ඉන්නවනෙ.ඉතින් ඔය කියන සිංහයත් ඒ වංශෙම තමයි.අපේ ගොඩක් කට්ටිය සිංහ වංශෙ වෙන්න දැගලුවට සිංහයොත් ඇවිල්ල බලල් වංශයෙ කියල ගොඩ දෙනෙක් දන්නෙ නැති හැඩයි.
මට හිතාගන්න බැරි චෙස් වලත් මේක මෙහෙමම උනේ කොහොමද කියල.රැජින වැඩ දානකොට රජා ඔහේ බලාගෙන ඉන්නව.බලාගෙන ගියා ම චෙස් වල රජතුමාත් ඇවිල්ල බලල් වංශෙ නේද?

No comments:

Post a Comment

ඔයාලගෙ අදහසුත් එකතු කරලම යන්න...............