Thursday, April 14, 2011

ෂහ් අයිය ඒකත් දන්නවනෙ.............

මම චෙස් ඉගෙන ගන්න පටන් ගත්තෙ 6 වසරෙදි. ඒ උනාට දැන් තියෙන අලුත්  ම ‍ට්‍රෙන්ඩ් එක තමයි 2 ව‍සරෙදි චෙස් උගන්නන්න පටන් ගන්න එක. 2 වස‍රෙ  ඉන්න bright ම පොඩි එකෙක් ටත් චෙස් හරියටම ඉගෙන ගෙන චෙස් ගේම් එකක් අදින්න මාස 3 ක් වත් යනව. අනිත් අයට ඉතින් ‍තව ටිකක් කල් යනව. ඒ උනා‍ට ඉතින් දෙමව්පියන්ගෙ ආසාවනේ. (ලමයින‍්ගෙ කෙසේ වෙතත් )
ඔන්න මම ‍උසස් පෙල කරල ඉවර වෙනකොට මට ලග ඉස්කෝලෙකින් ආරාධනාවක් ආව 2 වසරෙ පන්තියකට චෙස් උගන්නන්න කියල. ඒ වෙනකොට කොහොමත් මම අපේ ඉස්කෝලෙ චෙස් උගන්නනව. මට අලුත් class එක සෙට් කලේ සංජය අයිය. ඒක ඒ වෙනකොටත් සංජය අයිය බාගයක් උගන්න උගන්න ඉදල තියෙන්නෙ. 
අපෝයි 2 වසරෙ පන්තියකට උගන්නනව තරම් එපා කරපු දෙයක් මගේ අම්මෝ. මට ‍ඒ එක දවසට මොන්ටි සෝරි මිස් ලයි primary එකේ මිස් ලයි ගැන මාර අනුකම්පාවක් ඇති උනේ. මොකක් හරි කතන්දරයක් කියන වනම් එලි වෙන කන් උනත් අහගෙන ඉදියි. ඒ උනාට වැඩක් ඇති දෙයක් ජීවිතේට  ඇහෙන්නෙ නෑ .(මට නම් එහෙම කාලයක් තිබුනෙ නැද්ද කොහෙද  :P ) අපි නම් එක පැයයි ඒ පන්තිය කරන්නෙ. අයියෝ අර මිස් ලා. 
ඔන්න මම දැන් class එකට ගිහින් උගන්නන්න පටන් ගත්තා. ඉස්සර වෙලා ම සෙට් එක මම දිහා කන්න වගේ බලන් ඉන්නව. මම තාම අලුත් නේ. දැන් ඉතින් ඉස්සර  වෙලාම සෙට් එක අල්ල ගන්නත් එපැයි. මොනා ද ඉතින් මම ගින්දර වගේ කතන්දරේ කුත් කියල පොඩි බේගල් ටිකකුත් ඇද බෑව. ඹන්න දැන් ඉන්නව  සෙට් එක හිනා වෙවී. 
ඔන්න මම ඉතින් පාඩම පටන් ගත්තා......
"හොදයි මල්ලිලා අපි දැන් බලමු ඔයාල මොනාද මෙච්චර කල් ඉගෙන ගෙන තියෙන‍්නෙ කියල. ඉස්‍ස‍ර වෙලාම චෙස් බෝඩ් එ‍කේ ඉත්තො හදා ගන්න කලින් අපි බෝඩ් එක තියා ගන්න ඕන අපේ යටම දකුණු අත පැත්තෙ කොටුව මොන පාට කොටුවක් වෙන විදියටද ?????????"
නෑ කෝ ඉතින් දැන් අර හිනා වෙවි හිටපු සෙට් එක දැන් සයිලන්ස්  වෙලා තක්බීර් වෙලා බලන් ඉන්නවා. මටත් දැන් මල ඉතින් යකෝ සංජය අයිය ඕක වත් කියල දීල නැද්ද. 
"කියන්න මල්ලිලා  බය වෙන්න එපා ......."(මල්ලිලා කීවට ඔය ඉස්කෝලෙ නංගිලත් ඉන්නව. මම ඉතින් boys එකකට ගිය නිසා නංගිල කියල කියවෙන්නෙ නෑ )
"හරි හරි මම ම කියන්නම්කො එහෙනම් දකුණු අත පැත්තට එන්න ඕන සුදු කොටුවක් හොද ද "
ඔන්න දැන් සෙට් එකට ලාවට හිනාවක් ගියා. ‍හෙන ක‍ටකාර කොල්ලෙක් ලග හිටපු කෙල්ලෙක්ට කියනව
"ෂහ්............. අයිය ඒකත් දන්නව....................."

Tuesday, April 12, 2011

චෙස් මේකත් රාවණාගේ වැඩක් ද ?


චෙස් පටන් ගත්ත හැටි ගැන කියල මම දාපු ‍ලිපියට අශෝක මහත්මයා මට ඊමේල් එකක් එවල තිබුන. මමත් මේ කතාව දැන ගත්තෙ එතකොට තමයි. ඔයාල දන්නවනෙ විශ්වනාත් ආනන්ද් ව. දන්නෙ නැද්ද ? ආ............. දන්නෙ නැත්නම් ටිකක්  හොයල බලන එක ‍වටිනව. මොකද එයා තමා වර්තමාන ලෝක චෙස් ශූරයා. මෙයා මේ ප්ලේන් එකක යන ගමන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරල තියෙනව. ඒ තමයි චෙස් සොයා ‍ගත‍්තෙ රාවණා රජ කියන එක. 
හුරේ....................................................... අම්මට සිරි ඒකත් අපේ වැඩක්. 
රාවණා මේක හොයාගෙන තියෙන්නෙ එයාගෙ මන්දොධාරි කියන වයි‍පරේ ව කොහොම හරි පරද්දන්න හිතාගෙන ලු. මොකද එයාට හොදට මොලේ තියෙනව කියල හෙන ප්‍රසිද්ධ යි ලු. වැඩේ කියන‍්නෙ මේ මනුස්සය චෙස් අදින්න ගිහින් වයිපරේ ට පැරදිලානෙ. 
දැන් ඉතින් අපේ කට්ටිය ආනන්ද් ට දණ ගහල වදින සයිස් එකේ ඇති නේ. හෝව් හෝව්.......... ටිකක් මේකත් අහලම ඉන්නකෝ. ‍මේ අපේ ආනන්ද් අයිය චෙස් හොයා ගත්තෙ රාවණා කියල කී‍වට රාවණා ලංකාවෙ රජ කෙනෙක් කියල නෑ . ඒ කියන‍්නෙ එයා කියල තියෙන්නෙ හරියට රාවණා ඉන‍්‍දියාවෙ රජ කෙනෙක් වගේ. ඕකට සිංහලෙන් හොද කතාවක් කියනව මට වෙලාවට ඒක මතක නෑ. මම මතක් උන වෙලාවක කියන්නම්කෝ. 
සිද්ධිය මොකක්ද කියල ඔයාලත් ටිකක් චෙක් කරල බලන්නකෝ ......................................

Monday, April 11, 2011

අයියෝ නංගි.........

මේක නම් මේ චෙස් ගැන කතාවක් නෙමෙයි. චෙස් උගන්නන්න ගිහින් මට වෙච්ච සිද්දියක් ගැන තමා මේ කතාව. ඔන්න මම කාලයක් එක ඉස්කෝලෙක 10 න් පහල චුටි නංගිල වගයකට චෙස් coach කලා. දැන් ඉතින් ඒ අයගෙ චෙස් tournament එකක්. මමත් ගිහින් බලාගෙන ඉන්නවා අපේ නංගිලගෙ වැඩ කිඩ කොහොමද කියල. සාමාන්‍යයෙන් පොඩි අය චෙස් අදින කොට parents ලට ලග ඉන්න දෙන්නෙ නෑ.
එතකොට ලෝක ප්‍රශ්න. ඉතින් දැන් room එකේ ඉන්නෙ games අදින ලමයිනුයි ,judge කරන අක්කයි , මමයි විතරයි. ඒ අක්කව මම කලින් දැකලත් නෑ. ඒ කියන්නෙ අක්කත් චෙස් field එකට ටිකක් අලුත් ‍වගේ. ඔන්න ඉතින් අක්කට ඔහොම ඉන්න කොට චෙස් clock එක ගැන ‍මොකක් හරි ගැටලුවක් ඇති උනා. වටපිට බලන කොට ඉන්නෙ මම විතරයි. අක්ක ඇවිත් මගෙන් ඇහුව. මමත් ඉතින් මොකද පොරසේ උත්තර දුන්න. ඔන්න දැන් මම කියල දෙන්න දෙන්න අක්කට තව ප්‍රශ්න. මගේ චෙස් team ‍එකේ හිටිය නෙත්මි කියල 2 වස‍රෙ නංගි කෙනෙක්. එයත් දැන් ඔතනට ඇවිත් පැන පැන උත්තර දෙනව. 
ටිකක් වෙලා ඉදල නෙත්මි නංගි අක්ක ගෙන් අහනව 
"අක්කි අක්කි ඔයාගෙ නම මොකක්ද ?  "
"මගෙ නම ඉ‍රේෂා නෙ නංගි " 
ඔන්න අක්කිත් ඇදල පැදල උත්තර දුන්න.
නංගිය පැනපු ගමන් කීවෙ නැද්ද 
"ආ............. මේ අයියගෙ නම ඉසුරු....................."

Friday, April 01, 2011

චෙස් පොරකගේ පොර ටෝක් එකක්

jose raul capablanca  මේ ඉන්නෙ එයා තමයි. මෙයා ඇවිල්ල 1921 ඉදල 1927 වෙනකන් world chess champion ඒ ව‍ගේ ම අදටත් ලෝකෙ බිහිවුන දක්ෂම චෙස් ක්‍රීඩකයෙක්. මෙයා Alkine ‍ට පැරදුනා. Alkine කියන්නෙත් ඒ වගේ ම සිරා පොරක්. මේ දෙන්න world championship එකේ දි ඇදපු ගේම්ස් ගැන අදටත් මිනිස්සු කතා වෙනව. කියමනට කියන්නෙ මෙහෙමයි.  Alkine එක්ක චෙස් අදින‍ව නම් ඉතින් පන බයේ තමයි අදින්න ඕන. මොකද ඊලග මොහොතෙ මොනව වෙයි ද කියල දෙයියො වත් දන්නෙ නෑ. capablanca එක්ක අදින කොට ඊලග ‍මොහොතෙ අපිට කෙල වෙන හැටි හොදට තේරෙන‍ව. හැබැයි දෙයියන්ට වත් ඒක නවත්තන්න බෑ.
ඔන්න ද‍වසක් capablanca නැවේ යනවලු. ඒ වෙනකොට ඉතින් අද වගේ සන්නිවේදනය මෙච්චර දියුණු නෑනෙ. ඉතින් නැවේ කස්ටිය දන්නෙ නෑ capablanca තමයි  world chess champion කියල. ඔන්න නැවේ කප්පිත්තත් හෙන චෙස් පිස්සෙක් ලු. පොර ඉතින් නැව මැද්දෙ chess board එකක් දිග ඇරගෙන පොර ටෝක් දෙනවලු. පොරක් නම් ඇවිත් ඌව පරද්දන්න කියල.capablanca ත් ඉතින් ගානකට නැතිව ගිහින් ඉද ගත්තලු. capablanca දිහා බලපු කප්පිත්ත මූ නම් හාවෙක් තමයි කියල හිතල
"මම ඔයාට මගේ queen නැතිව ගහනව කීව ලු ..........."
capablanca ත් හා කියල ගානකටවත් නැතිව ඇද්දලු. හුටා ඔන‍්න ඉතින් capablanca අර නැවේ කප්පිත්තට පැරදුනා කියන්නකො.
capablanca මොකද දන්නවද කීවෙ
"අම්මට සිරි ඔයා මාව රැවැට්ටුව නේද මේක queen නැති උනා ම දිනන්න ලේසිද කොහෙද මටත් queen නැතිව ඇදල බලන්න ඕන කීවලු  "
කප්පිත්තත් පොඩි එකාගෙ ආසාවනේ කියල හා කීවලු. දැන් ඔන්න කප්පිත්තගෙ queen ඉන්නව capablanca ගෙ queen නෑ.
ඒ ගමන කප්පිත්තට වෙච්ච දෙයක් වත් හිතා ගන්න බැරි උනාලු. පොර හොදිත් නැතිව කෑව ලු.
නැවෙන් බැහැල මාධ්‍යයට අදහස් දක්වමින්  capablanca කීවලු
"ඔය ගෑනුන් ගෙන් හරි කර‍දරේ උන් අඩු වෙන තරමට වැඩේ ලේසි යි .................................."