Monday, April 11, 2011

අයියෝ නංගි.........

මේක නම් මේ චෙස් ගැන කතාවක් නෙමෙයි. චෙස් උගන්නන්න ගිහින් මට වෙච්ච සිද්දියක් ගැන තමා මේ කතාව. ඔන්න මම කාලයක් එක ඉස්කෝලෙක 10 න් පහල චුටි නංගිල වගයකට චෙස් coach කලා. දැන් ඉතින් ඒ අයගෙ චෙස් tournament එකක්. මමත් ගිහින් බලාගෙන ඉන්නවා අපේ නංගිලගෙ වැඩ කිඩ කොහොමද කියල. සාමාන්‍යයෙන් පොඩි අය චෙස් අදින කොට parents ලට ලග ඉන්න දෙන්නෙ නෑ.
එතකොට ලෝක ප්‍රශ්න. ඉතින් දැන් room එකේ ඉන්නෙ games අදින ලමයිනුයි ,judge කරන අක්කයි , මමයි විතරයි. ඒ අක්කව මම කලින් දැකලත් නෑ. ඒ කියන්නෙ අක්කත් චෙස් field එකට ටිකක් අලුත් ‍වගේ. ඔන්න ඉතින් අක්කට ඔහොම ඉන්න කොට චෙස් clock එක ගැන ‍මොකක් හරි ගැටලුවක් ඇති උනා. වටපිට බලන කොට ඉන්නෙ මම විතරයි. අක්ක ඇවිත් මගෙන් ඇහුව. මමත් ඉතින් මොකද පොරසේ උත්තර දුන්න. ඔන්න දැන් මම කියල දෙන්න දෙන්න අක්කට තව ප්‍රශ්න. මගේ චෙස් team ‍එකේ හිටිය නෙත්මි කියල 2 වස‍රෙ නංගි කෙනෙක්. එයත් දැන් ඔතනට ඇවිත් පැන පැන උත්තර දෙනව. 
ටිකක් වෙලා ඉදල නෙත්මි නංගි අක්ක ගෙන් අහනව 
"අක්කි අක්කි ඔයාගෙ නම මොකක්ද ?  "
"මගෙ නම ඉ‍රේෂා නෙ නංගි " 
ඔන්න අක්කිත් ඇදල පැදල උත්තර දුන්න.
නංගිය පැනපු ගමන් කීවෙ නැද්ද 
"ආ............. මේ අයියගෙ නම ඉසුරු....................."

2 comments:

ඔයාලගෙ අදහසුත් එකතු කරලම යන්න...............