Wednesday, March 30, 2011

චෙස් ඉගෙන ‍ගන්නෙ ඇයි.


චෙස් ..................
මම සාමාන්‍යයෙන් අලුත් පන්තියකට චෙස් උගන්නන්න ගියාම ඉස්සර වෙලාම අහන දෙයක් තමා ඇයි
ඔයාල චෙස් කරන්න ආවෙ කියන එක. ආ දැන් දීපන්කො උත්තර . ගොඩක් වෙලාවට කියන උත්තරේ තමා ආස හින්ද ආව කියන එක. ඒ උනාට ඕන ම කෙනෙක් ට ආසාවක් ඇති වෙන්නත් හේතුවක් තියෙන්න  ඕන. ඔන්න ටික වෙලාවක් යන කොට හරි උත්තරේ එන‍ව. ගොඩක් අය චෙස් අදින්න එන්නෙ මොලේ දියුණු කර ගන්න. ගොඩක් පාසල් වල චෙස් උගන්නන්න පටන් ගන්නෙ 2 වස‍රේ දි. ඉතින් ඔය පොඩි එවුන් ට තේරෙනද මොලේ හැටි. නෑ ඒ උනාට ‍අම්මලට තේරෙනවනේ................... ලමයින් ට හොද ම දේ දන්නෙ අම්මලා නේ.

චෙස් ඉගෙන ගන්න කැමති අයට ඒකට ක්‍රම ඇති තරම් තියෙනවා. එකක් තමා විකී අයිය ගෙන් අහන්න පුලුව‍න්. එයා ල‍ග චෙස් වල නීති හැම එකක් ම ‍වගේ තියෙනවා. youtube එකේ නිකමට චෙස් කියල ගහල බැලුවත් සෑහෙන්න වීඩියෝ එනවා. නීති ටික දැන ගත්තට පස්සෙ ඉතින් චෙස් අදින්න පුලුවන්. ත‍ව දුරටත් චෙස් ‍ඉගෙන ‍ගන්න ඕන නම් ඉතින් e books ටිකක් බලන එක තමා තියෙන්නෙ. මොක ද චෙස් කියන්නෙ වසරකට වැඩි ම පොත් ගණනක් ලි‍යවෙන subject එකක්. ඔයාල හි‍තනව ඇති මොනවද අප්පේ එච්චර චෙස් ගැන ලියන්න තියෙන්නෙ කියල. ඒක දැන ගන්න නම් ඉතින් ටිකක් දුරට චෙස් දැන ගන්න ම වෙනව..

Tuesday, March 29, 2011

මෙන්න මෙහෙමලු චෙස් පටන් ගත්තෙ

මෙන්න මෙහෙමලු චෙස් පටන් ගත්තෙ . . . . . .
චෙස් පටන් ගත්ත හැටි wikipedia එකේ මෙහෙම ලියල තියෙනවා. හැබැයි ඉතින් එතන ගමකට විස්තර තිබුනත් ඕනම කතන්දරේ නෑනෙ.
ඔන්න එකෝමත් එක කාලෙක දඹදිව (බරණැස් නුවර ද කියල නම් sure නෑ) එක්තරා රජ කෙනෙක්ට හිතුවක‍්කාර පුතාල දෙන්නෙක් හිටියලු. දැන් ඉතින් පිය ‍රජ තුමා මහලු ව‍යසේ. රජ කුමාර ‍වරු දෙන්න රාජධානිය ලබා ගන්න යුද්ධ කරන්නයි යන‍්නෙ. කරන මගුලක් තනියම කර ගනින් අර අපේ දුටු ගැමුණු කුමාරය වගේ. නෑ මුන් දෙන්න හමුදාවත් දෙකට බෙදාගෙන රටත් දෙකට බෙදා ගෙන එක විකාරයක් කරන්න තමා ලෑස්ති වෙන්නෙ. අනේ ඉතින් ඕක අහල පිය රජතුමාගෙ pressure එකත් නැග්ග. රජතුමා තමන්ගෙ ලමයි දෙන්නට හරි ආදරෙයි. ඉතින් අනේ රජතුමා තමන්ගෙ සැපට දුකට හැමදාම එකට ඉන්න පුරෝහිත ව ගෙන්න ල මෙහෙම කිව්ව "අනේ බලපන් මචං මේ මගෙ බූරු පැටව් දෙන්න කර ගන්න හදන ‍වැඩේ මොකක් හැරි සිද‍්දියක් කරල මේක බේරල ‍විසදල දීපං " ඹන්න ඉතින් පු‍‍රෝහිත බමුණා මොකද කලේ දෙන්නටම ශරීරයට හානියක් නොවෙන විදියට යුද්ද කරන්න විදියක් නිර්මාණය කලා. ඒකට තමා අපි අද චෙස් කියල කියන්නෙ. හැබැයි ඉතින් ඒ දවස් වල නම් කියල තියෙන්නෙ චතුරංගනී ක්‍රීඩාව කියල තමයි. ඔන්න චෙස් ඊට පස්සෙ ටිකෙන් ‍ටික දියුණු වෙලා අද තියෙන තත්වෙට ආව හැටි බලාගන්න ඕන නම් විකී අයිය ගෙන් අහන්න.

Monday, March 28, 2011

ආරම්භය

චෙස්...........
ඔන්න ඉතින් මම සිංහල බ්ලොග් අවකාශයට චෙස්  බ්ලොග් පිටුවක් එක් කරන්නයි සූදානම් වෙන්නෙ.
හැබැයි ඉතින් මගේ අරමුණ චෙස් උගන්නන්න විතරක් නෙමෙයි. ඒ කියන්නේ මම චෙස් උගන්නන්නත් බලාපොරොත්තු වෙන‍වා. ඊ‍ටත් වඩා චෙස් එක්ක බැදුනු කතන්දර. චෙස් වල තියෙන චෙස් ක්‍රීඩකයන් පමණක් දන්න සුන්දරත්වය බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන් සමගත් ‍බෙදා ගන්නයි මගේ උත්සාහය.